Against Media Suppression – ”BLACK January”
Posted: January 20, 2012 in Media, PoliticleTags: Black January, Black January in Sri Lanka, FMM, Lanka Poster, Media Freedom
ලසන්ත මරා දමා වසර 3යි. ‘නඩු නැති රටට මොට පායා ද සූර්යයා ?‘
Posted: January 6, 2012 in Human Rights, Human Security, Media, PoliticleTags: Lasanath Wikramathunge, Lasanth Killed, Media Freedom, Media Killed, Platform of Freedom, Sunday Leader Editor
‘‘ශිරාල් ඇතුලු සටන් සගයන් නිදහස් කරනු..!“
Posted: December 22, 2011 in CONSTITUTIONAL REFORM, Human Rights, Human Security, PoliticleTags: Lanka Poster, Politics, Ranil Wikramasinghe, Shiral Lakthilaka, UNP
Release Forthwin Lalith and Kuhan
Posted: December 22, 2011 in Human Rights, Human Security, Politicle, Post WarTags: Abducted, Democrasy, Kuhan, Lalith, Lanka Poster
ඉල් සමරු පෝස්ටර් ඉරා දමයි
Posted: November 11, 2011 in Human Rights, Media, Politicle, Poster and MR lawTags: JVP, Lankaposter, Poster In Sri Lanka
විරු සමරු කමිටුව විසින් ලබන 13 වැනිදා සුගතදාස ගෘහස්ත කි්‍රඩාංගණයේදී සංවිධානය කර ඇති 22 වැනි ඉල් මහ විරු සමරුවට අදාළව රට පුරා ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් හා කටවුට් ජවිපෙ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ ගලවා දමමින් තිබෙන බව වාර්තා වේ.
රට පුරා බොහෝ ප්‍රරදේශවල සංවිධානාත්මක ලෙස මෙම පෝස්ටර් සංහාරය සිදු වන අතර අවස්ථා රැසකදීම පෝස්ටර් ගලවන පිරිස් හඳුනා ගැනීමට හැකි වී තිබේ.
මේ සමග එවා ඇති ඡායාරූපවල දැක්වෙන්නේ රත්මලාන ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ කටවුට් ගලවන ආකාරයත් පසුව ඒවා ඉරා දමා ඇති ආකාරයත් සහ පෝස්ටර් ඉරා දමා ඇති ආකාරයත්ය. මෙම ඡායාරූප ගනු ලැබුවේ ඊයේ රාත්්‍රයේදී ය.
22 වැනි ඉල් මහ විරු සමරුව
විරු සමරු කමිටුව
2011.11.10
LNW
පෝස්ටරයට බය ආණ්ඩුව ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනී
Posted: November 8, 2011 in Education, Human Rights, Human Security, Media, Politicle, Poster and MR lawTags: Democracy, Lankaposter, lankatrouth, sri lanka poster
නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ සම අයිතිය සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ (7) රාත්‍රියේ රටපුරා පොස්ටර් අලවමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් ගණනාවක් පොලීසිය විසින් විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙයට පෙර අවස්ථා කිහිපයකදීම පෝස්ටර් ඇලවීමට තිබෙන අයිතිය, අදහස් ප්‍රකාශකිරීමේ මුලික අයිතිවාසිකමක් බව අධිකරණය තීන්දුකර තිබියදී ආණ්ඩුවේ නියෝග මත පොලිසිය මෙම අත්‍තනෝමතික අත්අඩංගුවට ගැනීම් සිදුකරයි.
by http://www.lankatruth.com/si/index.php?option=com_content&view=article&id=456:2011-11-08-07-49-18&catid=42:smartphones&Itemid=74
”occupy together”
Posted: November 4, 2011 in Human Rights, Human Security, Media, occupy, PoliticleTags: Democrasy, Lankaposter, occupy, US
Posters and materials
The posters provided on this page were graciously donated by graphic designers and are free for you to download, print, and hang up within your community, not only to promote local efforts, but the solidarity of all occupiers around the country.
Due to the growing number of submissions and the limited availability of our volunteers, we are no longer accepting open submissions at this time.
Note: Please respect city ordinances about posting such materials. Occupy Together does not post these materials and are not responsible for how they are used.
Visit – www.occupytogether.org
නොගලවන්න අලවන්න – ලංකාවේ එකම සයිබර් තාප්පය
Posted: October 15, 2011 in ARTS AND THEATRE, CONSTITUTIONAL REFORM, Economics, Education, ELECTIONS, ENVIRONMENT, Genaral Election, Human Rights, Human Security, Local Government Election, Media, Politicle, Poster aginist Government, Poster and MR law, Presidential Election, Transport, Uncategorized, War, WAR CRIMESTags: Lankaposter
මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ
Posted: September 26, 2011 in ELECTIONS, Local Government Election, Media, PoliticleTags: Lankaposter, Meepura, Negambo
මේ දිනවල මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල කැඩීම ගැන කිසිදු බියක් හෝ හිරිකිතයක් ද නැත. පරිසර පොලීසිය විසින් තාප්ප වල අලවා ඇති පෝස්ටර් ගලවා එතැනම දමා යති. දවස් ගණන් එවා ඒ තැන්වල රස්තියාදු වෙමින් නගරය අපවිත්‍ර වෙයි. ගලවනවාත් එක්කම අපේක්ෂකයෝ නැවතත් එතැනම පෝසටර් අලවති. පහත දැක්වෙන්නේ මීගමුව නගරයේ ස්ථාන කීපයක ජන්ද පෝස්ටර් නිසා අපවිත්‍රවි ඇති ආකාරය ගැන පින්තූර කතාවකි
ඡායා – එස්. ප්‍රසන්න
By – Meepura
මෙම ඡායාරෑප විශාල කර නැරඹීම සදහා ඒ මත ‘ක්ලික්’ කරන්න.
ආණ්ඩුවේ ප්‍රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම්
Posted: September 24, 2011 in ELECTIONS, Media, PoliticleTags: Colombo, Election, Lanka Poster, Milinda Moragoda
කොළඹ, කුමාරතුංග මුනිදාස මාවතේ සවිකර ඇති ආණ්ඩුවේ ප්‍රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් වක්‍රාකාරයෙන් ප්‍රදර්ශනය කර ඇත. මෙම පුවරැවේ මීට පෙර සටහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ රැව සමග ආණ්ඩුව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබදවය. දැන් එහි සදහන් වෙන්නේ නගරාධිපති අපේක්ෂකයෙකුගේ සටහනක් ය. මෙහි පිළිබිබුවන ප්‍රධානම වාක්‍යකින් මෙය කාගේදැයි නිශ්චිතවම ඕනෑම අයෙකුට කිව හැක. එම පුවරැවේ පහතින් ” කොළඹ පරාදර්ශී නගරයක් කරමු” යනුවෙන් සටහන් ව ඇත. මැතිවරණ ප්‍රචාරණයේදී පරමාදර්ශි නගරයක් ගැන කතා කරන්නේද, තමන්‍ගේ මුද්‍රත ලේඛනවල එය සටහන් කරන්නේද අන් කිසිවෙක් නොව ‘තොරතුරැ දැන ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවේදී පරාජය කරමින්, නගරාධිපති වුවහොත් තොරතුරැ දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන බව කියමින් සිටින මිලින්ද මොරගොඩ මහතාය.
”තොරතුරැ ලබා ගැනීමේ අයිතිය” ඉතාමත් හොද එකකි. වන්නේ එය නොවෙයි එය ප්‍රකාශ කරන තැනැත්තාම රජයට අයත් දේපල ව්‍යාජ ලෙස තමන්ගේ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමය.
ඔහුගේ නම සදහන් නොකර තමන්ගේ උදාන වාක්‍ය සටහන් කිරීම තුළ මිලින්ද මහතා සිදුකරන්නේ ජනතාව ගොනාට ඇන්ද වීමද? මැතිවරණ නීතිත්, ආචාරධාර්මික නොවන අයුරින් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන මොහුගෙන් ”තොරතුරැ ලබා ගැනීමේ අයිතිය” ලබා ගන්නවා යැයි කියන්නේ උරැලෑවන්ගෙන් සුවද විලවුන් නිපදවීම වැනි එකක්ද?
පහතින් දැක්වෙන්නේ මිලින්ද මොරගේඩ මහතාගේ වෙබ් අඩවියෙන් ලබා ගත් ඔහුගේ උදාන වාක්‍ය ඇතුලත් පිතූරය සහ එම උදාන වාක්‍යම ඇතුලත් ව්‍යාජ ලෙස තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති දැන්වීම් පුවරැවේ පිංතූරයි.
(පලමු පිංතූරය මිලින්ද මොරගොඩ මහතාගේ වෙබ් අඩවියෙන් ලබා ගත් එකකි. අනෙක් පිංතූර දෙකම කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ ඇති බෝඩ් එකක පිංතූරයි)
Pic – Date – 2011 Sep 24, Kumarathunga Muinidasa Mawatha, Colombo.( Front Of Colombo University)
පසු සටහන -
හිතවත් පොලීසියේ මහතුණි, පසුගිය දිනවල නමක් සහ අයිතිකරැවෙක් නැතැයි කියා ඔබ පෝස්ටර් ගලවා දැමුවා මතකද. දැන් ඕන් වේලාව පුලුවන් නම් නීතිය ක්‍රියාත්මක කරන්න.
























