කොළඹ, කුමාරතුංග මුනිදාස මාවතේ සවිකර ඇති ආණ්ඩුවේ ප්‍රචාරක පුවරැවල නගාරධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීම් වක්‍රාකාරයෙන් ප්‍රදර්ශනය කර ඇත. මෙම පුවරැවේ මීට පෙර සටහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ රැව සමග ආණ්ඩුව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබදවය. දැන් එහි සදහන් වෙන්නේ නගරාධිපති අපේක්ෂකයෙකුගේ සටහනක් ය. මෙහි පිළිබිබුවන ප්‍රධානම වාක්‍යකින් මෙය කාගේදැයි නිශ්චිතවම ඕනෑම අයෙකුට කිව හැක. එම පුවරැවේ පහතින් ” කොළඹ පරාදර්ශී නගරයක් කරමු” යනුවෙන් සටහන් ව ඇත. මැතිවරණ ප්‍රචාරණයේදී පරමාදර්ශි නගරයක් ගැන කතා කරන්නේද, තමන්‍ගේ මුද්‍රත ලේඛනවල එය සටහන් කරන්නේද අන් කිසිවෙක් නොව ‘තොරතුරැ දැන ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවේදී පරාජය කරමින්, නගරාධිපති වුවහොත් තොරතුරැ දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන බව කියමින් සිටින මිලින්ද මොරගොඩ මහතාය.
”තොරතුරැ ලබා ගැනීමේ අයිතිය” ඉතාමත් හොද එකකි. වන්නේ එය නොවෙයි එය ප්‍රකාශ කරන තැනැත්තාම රජයට අයත් දේපල ව්‍යාජ ලෙස තමන්ගේ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමය.
ඔහුගේ නම සදහන් නොකර තමන්ගේ උදාන වාක්‍ය සටහන් කිරීම තුළ මිලින්ද මහතා සිදුකරන්නේ ජනතාව ගොනාට ඇන්ද වීමද? මැතිවරණ නීතිත්, ආචාරධාර්මික නොවන අයුරින් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන මොහුගෙන් ”තොරතුරැ ලබා ගැනීමේ අයිතිය” ලබා ගන්නවා යැයි කියන්නේ උරැලෑවන්ගෙන් සුවද විලවුන් නිපදවීම වැනි එකක්ද?
පහතින් දැක්වෙන්නේ මිලින්ද මොරගේඩ මහතාගේ වෙබ් අඩවියෙන් ලබා ගත් ඔහුගේ උදාන වාක්‍ය ඇතුලත් පිතූරය සහ එම උදාන වාක්‍යම ඇතුලත් ව්‍යාජ ලෙස තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති දැන්වීම් පුවරැවේ පිංතූරයි.
(පලමු පිංතූරය මිලින්ද මොරගොඩ මහතාගේ වෙබ් අඩවියෙන් ලබා ගත් එකකි. අනෙක් පිංතූර දෙකම කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ ඇති බෝඩ් එකක පිංතූරයි)
Pic – Date – 2011 Sep 24, Kumarathunga Muinidasa Mawatha, Colombo.( Front Of Colombo University)
පසු සටහන -
හිතවත් පොලීසියේ මහතුණි, පසුගිය දිනවල නමක් සහ අයිතිකරැවෙක් නැතැයි කියා ඔබ පෝස්ටර් ගලවා දැමුවා මතකද. දැන් ඕන් වේලාව පුලුවන් නම් නීතිය ක්‍රියාත්මක කරන්න.


[...] කර තිබීමයි. මේ පිළිබදව පසුගිය 24දා ලංකාපෝස්ටර් බ්ලොග් අඩවියේ මේ පිළිබදව ඡායාරූප සමග [...]
සංවේදී නායකයා පත් කරමු එකේ දෙවන කොටස……..