විරු සමරු කමිටුව විසින් ලබන 13 වැනිදා සුගතදාස ගෘහස්ත කි්‍රඩාංගණයේදී සංවිධානය කර ඇති 22 වැනි ඉල් මහ විරු සමරුවට අදාළව රට පුරා ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් හා කටවුට් ජවිපෙ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ ගලවා දමමින් තිබෙන බව වාර්තා වේ.
රට පුරා බොහෝ ප්‍රරදේශවල සංවිධානාත්මක ලෙස මෙම පෝස්ටර් සංහාරය සිදු වන අතර අවස්ථා රැසකදීම පෝස්ටර් ගලවන පිරිස් හඳුනා ගැනීමට හැකි වී තිබේ.
මේ සමග එවා ඇති ඡායාරූපවල දැක්වෙන්නේ රත්මලාන ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ කටවුට් ගලවන ආකාරයත් පසුව ඒවා ඉරා දමා ඇති ආකාරයත් සහ පෝස්ටර් ඉරා දමා ඇති ආකාරයත්ය. මෙම ඡායාරූප ගනු ලැබුවේ ඊයේ රාත්්‍රයේදී ය.
22 වැනි ඉල් මහ විරු සමරුව
විරු සමරු කමිටුව
2011.11.10
LNW
Advertisement





