යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර ලැබුණේය. එය අගය කළ යුත්තක් මෙන්ම එය වැදගත්ය.
ඒ පිළිබද ‘රටවැසියන්’දැනුවත් කිරීම සදහා පෝස්ටරයක් අලවා එය දැනුම් දීමේ ඒ තරම් වැරැද්දක් නැත.
මේ ඒ පෝස්ටරයයි.

නමුත් අරුමය එය නොවේ. ඉහත පෝස්ටරය ඇලවීමට පෙර කොළඹ නගරයේ මෙම පහත පෝස්ටරයද අලවා තිබිණි.
එහි සදහන් වුනේ ‘කවුද මේ ‘සුවපති’ කියාය.

ප්‍රශ්ණය තිබෙන්නේ එතනය. කිසියම් තනතුරක් ලැබුනූ පසු ලංකාවේ අනෙක් උදවිය මෙන්ම සේනාරත්න ඇමතිවරයාත් පෝස්ටර් අලවා ගැනීම ඒ තරම් වැරැද්දක් නැති බව අප ඉහත ලීවෙමු. නමුත් ඒ පෝස්ටරයට පෙර ඒ පෝටරය එන බව දැන්වීමට මෙන් තවත් පෝස්ටරයක් ඇලවීඹ නම් කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි. ලෝක සංවිධානයක උපසභාපති කමක් ලැබුනම ඒ බව කියන්න, වෙළද දැන්වීමක් මෙන් පෝස්ටර් දෙකක් ඇලවීම තුළ මතුව ඇත්තේ අප දූපතේ ඇති පසුගාමී තත්ත්වයයි.
අනෙක් විශාල පෝස්ටර් 2කක් මුද්‍රණය කර අලවා ඇත්තේ ඇමතිවරයාගේ පෞද්ගලික මුදල් වලින්ද? පිළිතුරු දිය යුතු වන්නේ බෙහෙත් නැතිව සහ ප්‍රමාණවත් යන්ත්‍ර නැතිව වකුගඩු රෝගීන් මිය යන, රෝහල් වල ඇදන් යටත් මිනිසුන් ඉන්න, ඉන්ජෙක්සන් කටුවත් ගෙදරින් ගේන්න කියන සෞඛ්‍ය සේවයක් තියන අපේ රටේ මෙවැනි දේකට මුදල් වැය කිරීම මේ රටේ පුරවැසියන් කොහේත්ම අනුමත කරන්නේ නැති බව ඇමතිවරයා දැනගත යුතුය.
සෞඛ්්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්ණ ගණනාවක් ඇති රටේ සෞඛ්‍ය ඇමති ‘සුවපති’ යනුවෙන් පෝස්ටර් අලවා ගැනීම ගැන ලැජ්ජා විය යුතුය
