සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නිර්නාමික පොස්ටරයක් කොළඹ පුරා අද(15) උදෑසන වන විට දක්නට ලැබිණි. එම පොස්ටරයේ සදහන් වන්නේ ‘අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක, ජීවිත ගොඩනගන ජනතාවාදී දිවි නැගුම පනත රට බෙදන්න උඩගෙඩි දෙන පාක්‍යසෝති නඩයෙන් බේරා ගනිමු‘ යන්න යි.
මෙම පෝස්ටරයේ නම සදහන් පාක්‍යසෝති සරවනමුත්තු මහතා(ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය්, විධායක අධ්‍යක්ෂකවරයාය) පසුගිය අගෝස්තු මාසයේදී ආණ්ඩුව විසින් ගෙන එන ලද දිවිනැගුම පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානූකූල බව ප්‍රශ්ණ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබීය.
ඉන් පසු ආණ්ඩුව විසින් එයට විරැද්ධව විවිධ ගැරහුම් ප්‍රචාරයන් ගෙන ගිය අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් දිවි නැගුම පනතට එරෙහිව ඒ ඒ පලාත්සභාවල ඡන්දය දීමට සූදානම් පළාත් සභා මංත්‍රීන්ට තර්ජනයන් ද කළ බව වාර්තා විය. එය කෙසේ ද යත් පසුගිය දිනක ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් විසින් ටීඑන්ඒ පක්ෂයට ප්‍රකාශ කර තිබුණේ දිවි නැගුම පනතට විරැද්ධ වුවහොත් ලක්ෂ පහලවක් සමග යාපනයට පැමිණෙන බවය.
කෙසේ නමුත් නීති්යානූකුලව යම් පනතක් අභියෝගයට ලක් කිරීමට පුරවැසියෙකුට තිබෙන අයිතියට ප්රජාතන්ත්රවාදී යැයි කියනා ආණ්ඩුව පිළිතුරැ ලබා දෙන්නේ සිය චන්ඩිපාටි මගින් බව පැහැදිලිය. මහපාරේ ප්රජාතන්තුවිරෝධීව හැසිරෙනවාට අමතරව නිර්ණාමික පෝස්ටර් ඇලවීමෙනුත් පෙන්නුම් කරන්නේ වත්මන් පාලකයින් ප්රජාතන්ත්රීයව, අධිකරණ පද්ධතිය හරහා නීත්‍යානූකූළ ලෙස අභියෝග කරන පුරවැසියන්ට කෙතරම් බිය වී ඇති ද යන්න යි.
අනෙක් කරැණ නම් කිසිදු නමක් සහ වගකීමක් නැති පෝස්ටර් අපි ගලවනවා යැයි කියන පොලීසිය, වගකීමක් ඇති සහ නමක් ඇති, අන්තර් විශ්ව වද්යාලීය සිසුන් දෙදෙනා වෙනුවෙන් අලවන ලද පෝස්ටර් මහ දවල් ඉරා දැමූ හැටි ලංකාපෝස්ටර් බ්ලොග් අඩවිය මගින් වාර්තා කලෙමු.
නමුත් අද උදෑසන නුගේගොඩදී ඉහත පෝස්ටරය ඡායාරෑප කීරීමෙන් පසු අසල සිටි පොලිස් නිළධාරියෙකුගෙන් අප විමසා සිටියේ ‘රළාහාමි මේ පෝස්ටර් ගලවන්නේ නැද්ද? ඇයි මොකද ? ඔහු පෙරලා පැවසීය. නෑ මෙකේ ගහපු කෙනාගෙ නමක්වත් මුකුත් නෑ නේ, දැන් ඔයාලා කියනවානේ ඒ වගේ ඒවා ඉවත් කරනවා කියලා. එතකොට මේක… ඇයි ඇයි මොකද්ද ප්‍රශ්ණෙ? ඔහු නැවතත් ඇසීය. ඇයි මේවා ගලවන්නේ නැත්තේ? අපි ඇසූවෙමු. අපේ වැඩ අපි කරන්නම්…පොලිස් නිළධාරියා ද්වේශය පිරි මුහුණෙන් යුතුව පැවසීය.