පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය තරුණයා සහ කාන්තාවගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු 16වනදා පස්වරුවේ එම ප්‍රදේශයේදී සිදු කෙරුණි.
සිද්ධියෙන් මිය ගිය, 18වැනි වියේ පසුවූ, නිමන්ත රොෂාන්, ජයසෙවන හැඩිවත්ත කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මිය යනවිට ඔහු පාසල් අධ්‍යාපනය හමාර කොට වඩු කර්මාන්තය පිළිබඳ විදිමත් අධ්‍යාපනයක් හදාරමින් සිට ඇත.
සිද්ධියෙන් මියගිය එදිරිමාන්නගේ මාලිනි මහත්මිය පදිංචිව සිටියේ ගම්බාර ගෙදර තාලිවත්ත කටුවන ප්රදේශයේය. 50හැවිරිදි ඇය ගැහුණු දරුවන් තිදෙනෙකුගේ මවකි. මෙම ඝාතනයට සෘජුවම ආණ්ඩුව සම්බන්ධ යැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ඇතැම් දේශපාලන පක්ෂත් බොහෝ සංවිදානත් ප්‍රකාශ කළ අතර සුවිශේෂ සිදු වීම වන්නේ මරා දැමූවන්ගේ අවමගුල් සිදුකළ දිනයේදී අවමගුල් සැරසිළි පවා ඉවත් කිරිමට රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය ක්‍රියා කර තිබීමයි. මෙයින් හැගවෙන්නේ මිය ගිය වූවන්ටද රාජපක්ෂ ආණ්ඩුව වෛර කරණ බව නොවේ ද?
පහත දැක්වෙන්නේ රාජපක්ෂ පොලීසිය විසින් සුදු කොඩි පවා ඉවත් කරන අයුරැය