Poster In> Front of Museum, Colombo | January 27, 2014 | @Lankaposter
JVP
All posts tagged JVP
@Lankaposter, Poster in Maharagama town, 22 january 2014[10.15am] | පෝස්ටරයේ අරමුණ ඉතා හොද එකක් වුවත් එම පෝස්ටරය අලවා ඇත්තතේ සහ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ කවුරැදු යන්න පෝස්ටරයේ සදහන් නොවීම ගැටලුවකි. එවිට සිදුවන්නේ දේශපාලනික යැයි සිතා කරනු ලබන වැඩ කැලැපෝස්ටර් ගානට වැටීම බව ලංකා පෝස්ටර් මතයයි.
මෙන්න එම පෝස්ටරය
පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය තරුණයා සහ කාන්තාවගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු 16වනදා පස්වරුවේ එම ප්‍රදේශයේදී සිදු කෙරුණි.
සිද්ධියෙන් මිය ගිය, 18වැනි වියේ පසුවූ, නිමන්ත රොෂාන්, ජයසෙවන හැඩිවත්ත කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මිය යනවිට ඔහු පාසල් අධ්‍යාපනය හමාර කොට වඩු කර්මාන්තය පිළිබඳ විදිමත් අධ්‍යාපනයක් හදාරමින් සිට ඇත.
සිද්ධියෙන් මියගිය එදිරිමාන්නගේ මාලිනි මහත්මිය පදිංචිව සිටියේ ගම්බාර ගෙදර තාලිවත්ත කටුවන ප්රදේශයේය. 50හැවිරිදි ඇය ගැහුණු දරුවන් තිදෙනෙකුගේ මවකි. මෙම ඝාතනයට සෘජුවම ආණ්ඩුව සම්බන්ධ යැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ඇතැම් දේශපාලන පක්ෂත් බොහෝ සංවිදානත් ප්‍රකාශ කළ අතර සුවිශේෂ සිදු වීම වන්නේ මරා දැමූවන්ගේ අවමගුල් සිදුකළ දිනයේදී අවමගුල් සැරසිළි පවා ඉවත් කිරිමට රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය ක්‍රියා කර තිබීමයි. මෙයින් හැගවෙන්නේ මිය ගිය වූවන්ටද රාජපක්ෂ ආණ්ඩුව වෛර කරණ බව නොවේ ද?
පහත දැක්වෙන්නේ රාජපක්ෂ පොලීසිය විසින් සුදු කොඩි පවා ඉවත් කරන අයුරැය
විරු සමරු කමිටුව විසින් ලබන 13 වැනිදා සුගතදාස ගෘහස්ත කි‍්‍රඩාංගණයේදී සංවිධානය කර ඇති 22 වැනි ඉල් මහ විරු සමරුවට අදාළව රට පුරා ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් හා කටවුට් ජවිපෙ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ ගලවා දමමින් තිබෙන බව වාර්තා වේ.
රට පුරා බොහෝ ප්රරදේශවල සංවිධානාත්මක ලෙස මෙම පෝස්ටර් සංහාරය සිදු වන අතර අවස්ථා රැසකදීම පෝස්ටර් ගලවන පිරිස් හඳුනා ගැනීමට හැකි වී තිබේ.
මේ සමග එවා ඇති ඡායාරූපවල දැක්වෙන්නේ රත්මලාන ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ කටවුට් ගලවන ආකාරයත් පසුව ඒවා ඉරා දමා ඇති ආකාරයත් සහ පෝස්ටර් ඉරා දමා ඇති ආකාරයත්ය. මෙම ඡායාරූප ගනු ලැබුවේ ඊයේ රාත්්රයේදී ය.
22 වැනි ඉල් මහ විරු සමරුව
විරු සමරු කමිටුව
2011.11.10
LNW
අද(24) උදෑසන වන විට මෙම පොස්ටරය කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල දක්නට ලැබුනත් එම පෝස්ටර බොහොමයක් ඉවත් කර ඇති බව වාර්තාවේ.කෙසේ නමුත් කොළඹ විශ්ව විද්‍යාලය අසල මෙම පෝස්ටර් යම් ප්‍රමාණයක් ලංකා පෝස්ටර් කැමරාවට හසු විය.
පසු සටහන – බොරු හිනාව තමන්ගේ බව ආණ්ඩුව පිළිගනී – ජ.වි.පෙ පෝස්ටර් ඇලවූවන් අත්අඩංගුවට
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් අලවනු ලැබූ පොස්ටරයක් රාජ්‍ය විරෝධී බව පවසමින් අත්තිඩියේ දී එම පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු අද (24 බදාදා) අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් විසින් අලවනු ලැබූ “බොරු හිනාවලට රැවටෙන්න එපා” යනුවෙන් සඳහන් වූ එම පෝස්ටරය, වගකීම් විරහිත හා රාජ්‍ය විරෝධී බව කියමින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් අද උදෑසන 2.00ට පමණ මෙම ජ.වි.පෙ. ක්රියාකාරිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඉන් එක් අයෙක් නිදහස් කර තිබේ. නෙල්සන් නැමැති අනෙක් ජ.වි.පෙ. ක්‍රියාකාරිකයා අද මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
එහෙත් මෙම පෝස්ටරය නීත්‍යානුකූල බවත්, නියමිත පරිදි පොස්ටරයේ වගකීම මුද්‍රණය කර ඇති බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ මෙය සුපුරුදු පරිදි ආණ්ඩුව විසින් දුන් කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් මිස අන්යමක් නොවන බවයි.
උපුටා ගැනීම – http://www.lankatruth.com/sin/index.php/news/local-news/12340-2011-08-24-04-57-13
< Prev |
---|
2011 May 30 – Front of Gangaramaya Road in Colombo
ජනතා විමුකිති පෙරමුණ විසින් මහා බරක් අදිමින්, එය දේශප්‍රේමය යැයි ලේබල් කරමින් දෙමළ ජනතාවගේ සුසුම් මතින් ගොඩ නැගු ආණ්ඩුව දැන් ජවිපෙට පෝස්ටරයක්වත් ගසා ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීම ඉතිහාසයේ තමන් විසින් වැපිරෑ දෙය නෙලා ගැනීමක් ද?
” අපි යන්නේ වෘත්තයක, එබැවින් අප පසුකර යනු ලබන සියලු දේ නැවත අපට හමුවෙනවා”
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක පෝස්ටර් ගලවා ඉවත් කිරීමට ආණ්ඩුව විසින් මෙහෙයුමක් දියත් කර ඇති බව එම පක්ෂය පවසයි. ජ.වි.පෙ. මාධ්‍ය ඒකකය පවසන්නේ පොලීසිය, බුද්ධි අංශය, නගර සභා සේවකයින් සහ මැර කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති බවයි.
මේ ආකාරයෙන් එළඹෙන ජුනි 02 වැනිදා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයට අදාලව නීත්‍යානුකූල දැන්වීම් පුවරුවල අලවා තිබූ පෝස්ටර් අද උදෑසන ගලවා ඉවත්කරන අයුරු කැමරාගත කිරීමට ජ.වි.පෙ. මාධ්‍ය ඒකකය සමත්වී තිබේ.
එම අවස්ථාවේදී එහි පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඒ සම්බන්ධයෙන් නගර සභා සේවකයින්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ජ.වි.පෙ. සියලු පෝස්ටර් ගලවා ඉවත් කිරීමට පොලීසිය තමන්ට නියෝග කර ඇති බවයි.
ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ පටය පහත දැක්වේ.
මේ අතර මේ ආකාරයෙන් පෝස්ටර් ඉරා දැමීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණ විසින් අද දහවල් 11.00ට කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබේ.