ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දින කිහිපය තුළ වත්මන් පාලනයට විරෝධය පළකරමින් පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළහ. ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු නම් එම පෝස්ටරය ආණ්ඩුව හමුදා නිලධාරීන් යොදවා ඉවත් කරන බව වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලුව අනෙක් ප්‍රදේශවලත් හමුදා නිලධාරීන් යොදා පෝස්ටර් ඉවත් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.