පෝස්ටර් අලවින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ඊයේ රාත්රී පොලිසිය විසින් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින ලදැයි වාර්තා වේ.
කඳාන ප්රදේශයේදී මෙම පිරිස පොලිස් ජීප් රථයකට නංවාගෙන ඇත්තේ ඔවුන් විසින් අලවන ලද පෝස්ටර් රාජ්ය විරෝධී බව පවසමිනි. කෙසේ වෙතත් පොලිසියට රැගෙන යාමෙන් පසුව, පෝස්ටර් රාජ්ය විරෝධී නොවන බව පවසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් නිදහස් කර ඇතත් පෝස්ටර් ලබා දී නැත.
මේ අතර ගම්පහ සහ ගනේමුල්ල නගරවලදීද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් විසින් අලවන ලද පෝස්ටර් උදුරාගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්රකාශකයකු පැවසුවේ, තමන් විසින් අලවන ලද පෝස්ටරයේ දැක්වුණේ රැඳවියකුට පහර දී මරා දැමීම හෙළා දකිමු යන්න බවත්, එය රාජ්ය විරෝධී වන්නේ එම ඝාතනය රජය විසින් කළ බව පිළිගන්නා නිසාදැයි යන සැකය පැන නගින බවත් ය.
Saturday, 07 July 2012 11:42
By –