මෙම පෝස්ටරය ඊයේ රට පුරා අලවා තිබිණි – ලංකා පෝස්ටර්
නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ සම අයිතිය සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ (7) රාත්‍රියේ රටපුරා පොස්ටර් අලවමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් ගණනාවක් පොලීසිය විසින් විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙයට පෙර අවස්ථා කිහිපයකදීම පෝස්ටර් ඇලවීමට තිබෙන අයිතිය, අදහස් ප්‍රකාශකිරීමේ මුලික අයිතිවාසිකමක් බව අධිකරණය තීන්දුකර තිබියදී ආණ්ඩුවේ නියෝග මත පොලිසිය මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සිදුකරයි.
අද(24) උදෑසන වන විට මෙම පොස්ටරය කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල දක්නට ලැබුනත් එම පෝස්ටර බොහොමයක් ඉවත් කර ඇති බව වාර්තාවේ.කෙසේ නමුත් කොළඹ විශ්ව විද්‍යාලය අසල මෙම පෝස්ටර් යම් ප්‍රමාණයක් ලංකා පෝස්ටර් කැමරාවට හසු විය.
පසු සටහන – බොරු හිනාව තමන්ගේ බව ආණ්ඩුව පිළිගනී – ජ.වි.පෙ පෝස්ටර් ඇලවූවන් අත්අඩංගුවට
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් අලවනු ලැබූ පොස්ටරයක් රාජ්‍ය විරෝධී බව පවසමින් අත්තිඩියේ දී එම පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු අද (24 බදාදා) අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් විසින් අලවනු ලැබූ “බොරු හිනාවලට රැවටෙන්න එපා” යනුවෙන් සඳහන් වූ එම පෝස්ටරය, වගකීම් විරහිත හා රාජ්‍ය විරෝධී බව කියමින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් අද උදෑසන 2.00ට පමණ මෙම ජ.වි.පෙ. ක්රියාකාරිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඉන් එක් අයෙක් නිදහස් කර තිබේ. නෙල්සන් නැමැති අනෙක් ජ.වි.පෙ. ක්‍රියාකාරිකයා අද මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
එහෙත් මෙම පෝස්ටරය නීත්‍යානුකූල බවත්, නියමිත පරිදි පොස්ටරයේ වගකීම මුද්‍රණය කර ඇති බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ මෙය සුපුරුදු පරිදි ආණ්ඩුව විසින් දුන් කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් මිස අන්යමක් නොවන බවයි.
උපුටා ගැනීම – http://www.lankatruth.com/sin/index.php/news/local-news/12340-2011-08-24-04-57-13
< Prev |
---|